General01 July 2017

කුකුළු පාලනයට එන නව ක්‍රමයට බිත්තර නිෂ්පාදකයින්ගේ විරෝධය

කුකුළු පාලනය සඳහා  බැටරි කේජ් නමින් නව ක්‍රමයක් හඳුන්වාදීමට එරෙහිව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද විරෝධතාවක නිරත වුණා.

හෙට්ටිපොල නගරයේ පැවති මෙම විරෝධතාවයේදී විරෝධතාකරුවන් පැවසුවේ විෂයභාර අමාත්‍යවරයාගේ වුවමනාව මත සුළු පිරිසකට ලාභ ලබාදී‍මේ අරමුණින් මෙය සිදුකරන බවයි.

විරෝධතාකරුවන් හෙට්ටිපොල ක්‍රීඩාංගණය ඉදිරිපිට සිට පාගමනින් හෙට්ටිපොල නගර මධ්‍යයට පැමිණියා.

ඔවුන් චෝදනා කළේ හඳුන්වාදෙන නව කුකුළු පාලන ක්‍රමය හරහා 6000 ක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවටයි.

Related recommendation
Hiru TV News | Programmes