General29 July 2017

හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තබයි (ඡායාරූප)

හම්බන්තොට - මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට අද අත්සන් තැබුණා.

ඒ, අදාළ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.

ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අතර, ඒ සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂිං ලියැං ද එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ අදාළ ගිවිසුම විනිවිද භාවයකින් යුතු එකඟතාවක් බවයි.

මෙම සංශෝධිත ගිවිසුම නැවතත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හම්බන්තොට වරාය ගිවිසුම යටතේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ලෙස ඒකාබද්ධ සමාගමක් බිහි වන අතර, බහුතර ප්‍රතිශතයක් හිමි වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමටයි.

ඉතිරිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වනු ඇති.

හම්බන්තොට වරායේ සියයට 70ක හිමිකාරත්වය වසර 99ක බද්දට චීන සමාගමට ලබාදීම වෙනුවෙන් හිමි වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්.












Related recommendation
Hiru TV News | Programmes