General30 October 2017

Update - දුලිප් විජේසේකර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනී

හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන ඇති බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දුලිප් විජේසේකර, ඔහු දැරූ තැපැල්, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඊයේ (29) ඉවත් කරනු ලැබුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබුණා.



Update :- Monday, October 30, 2017 11.18 Am
-----------------------------------------------------------------

නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරුණු දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට

තමන් ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගන්නා බව තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු දුලිප් විජේසේකර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් තමන් ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට තීරණය කර ඇති බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දුලිප් විජේසේකර, ඔහු දැරූ තැපැල්, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබුණා. 



Related recommendation
Hiru TV News | Programmes