General16 February 2018

මුත්තු සිවලිංගම් සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයෙන් නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් අද(16) ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ උප සභාපති සහ භාණ්ඩාගාරික මධ්‍යම පළාත් අමාත්‍ය එම්. රාමේෂ්වරන් පවසනවා.

මුත්තු සිවලිංගම් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පක්ෂයේ අනුශාසක වශයෙන් කටයුතු කරන බවයි හැටන් ප්‍රදේශයේදී අද(16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes