General10 June 2026

''කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නැහැ'' අගමැතිනිය

කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ පළාත් සභා ඡන්ද විමසීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, රීති ප්‍රශ්නයක් යොමු කිරීමට සූදානම් වූ අවස්ථාවේ කතානායකවරයා ඊට අවසර නොදීමත් සමග වාද විවාද හට ගත්තා.
Related recommendation
Hiru TV News | Programmes