General05 April 2018

විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර CID අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට අදාළව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට ආධාර අනුබල දීම ඔහුට එරෙහි චෝදනාවයි.

අමල් කරුණාසේකර යුද හමුදා රෝහලට ඇතුලත්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ පිළිබඳ ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත දැනුම්දීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කලා.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට ලක්වූයේ 2008 වසරේ මැයි මස 22 වනදායි.

සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විමර්ශණ සිදුකරනු ලබන්නේ.
Related recommendation
Hiru TV News | Programmes