General09 June 2018

ප්‍රවීන ගත්කතුවරයෙකු වන සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගත්කතුවරයෙකු මෙන්ම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර රචකයෙකු වූ සෝමවීර සේනානායක අද (09) අලුයම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් වැළදී මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා.

කන්දෙගෙදර, දු දරුවෝ ආදී ටෙලිනාට්‍ය මෙන්ම මිහිදුම් සිහින, අම්මාවරුනේ ආදී චිත්‍රපට රැසක තිර රචන සෝමවීර සේනානායකගේ නිර්මාණ අතර වනවා.

1944 වසරේ ගම්පහ - උඩුගම්පොළ උපත ලැබූ සෝමවීර සේනානායක කුඩගම - මිශ්‍ර කණිෂ්ඨ පාසල, අවිස්සාවේල්ල සීතාවක මහා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා.

පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලැබූ ඔහුගේ කුළුඳුල් කෘතිය වූ යශෝරාවයට 1978 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි වුණා.

Related recommendation
Hiru TV News | Programmes