General09 November 2018

ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙසක්

අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ඉදිරි පැය 24 ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරවී වයඹ දෙසට ගමන් කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 ක් 40 ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩි විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසට අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදී සිටින පිරිසට දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes