General30 April 2019

ත්‍රිවිධ හමුදා, පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය, ස්ථාපනය කෙරේ

ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරීවරයා ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පත් කර තිබෙනවා.

බස්නාහිර පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම යුද, නාවික, ගුවන් හමුදා සහ පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය වන ක්‍රියාන්විතයන් සඳහා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතේ ක්‍රියාත්මක වනු ඇති.

එම මූලස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් පත් කර ඇති බවයි හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.

කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ වහා ක්‍රියාත්මක වන ලෙස පිහිටුවා ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes