General20 May 2019

ලෝක මී මැසි දිනය අදයි

ලෝක මී මැසි දිනය අදට යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය රටවල් 53 ක් සමඟ එක්ව සෑම වසරකම මැයි මස 20 වන දින මෙය සමරණු ලබනවා.

මෙවර මී මැසි දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ පසුගිය දශකය පුරා මී මැස්සන්ගේ ජනගහන අනුපාතය පහළ ගොස් ඇති බවයි.

උතුරු කැරොලිනා ප්‍රන්ත විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී තිබෙනවා.

ලෝකය තුළ සිදුවන පලිබෝධ නාශක භාවිතය, දේශගුණික විපර්යාස මෙන්ම ඉඩම් පරිහරණයේ සිදුවන වෙනස්කම් මී මැස්සන් වදවීම කෙරෙහි බලපා ඇති බව ආහාර කෘෂිකර් සංවිධානය පෙන්වා දෙනවා.

එම සංවිධානය අවධාරණය කර සිටින්නේ ලොව පුරා පරාගන කාර්යය ඉටුකිරිමේ දී මී මැස්සන් මගින් සිදුවන කාර්ය භාරය අති මහත් බවත් වඩාත් සංවිධානාත්මක ක්‍රියාවලියක් යටතේ මී මැස්සන් ආරක්ෂා කිරිම හෙට ලොව හමුවේ පවතින අභියෝග අතරින් එකක් බවයි.
Related recommendation
Hiru TV News | Programmes