General22 March 2020

මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම්වලින් පාරිභෝගිකයන්ට සහන

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම් වලට පාරිභෝගිකයන්ට සහන සලසන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියළුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස්වල ඍජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන ආයතන වෙත දැනුම් දී ඇත්තේ පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසන ලෙසටයි.

එමෙන්ම, එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා හදිසි ක්‍රෙඩිට් පහසුකමක් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes