ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමට මූලික වශයෙන් ඉවහල් වූ බවට විශ්වාස කෙරෙන නවදිල්ලියේ පසුගිය මාසයේ පැවති තබ්ලිගි ජමාට් සංවිධානයේ සමුළුවක සහභාගි වූ විදේශිකයන් 960 දෙනෙකුගේ වීසා තහනම් කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ ඉතාලිය ආදී රටවලින් ඒ සඳහා පැමිණි 1300කට අධික පිරිසක් ඉන්දියාවේ තවදුරටත් රැදී සිටින බවට හඳුනාගෙන ඇතැයි ඉන්දීය ස්වදේශ අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කළා.
ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 550කට වැඩි පිරිසක් දිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පැවති ආගමික සමුළුවට සහභාගි වූ අයයි.
ඉන්දීය රජය විසින් ඒ සඳහා පැමිණි විදේශිකයන්ගේ සංචාරක වීසා තහනම් කර ඇති අතර, ඔවුන්ට නැවතත් ඉන්දියාවට පැමිණීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කර තිබෙනවා.
කෙසේ නමුත් ඔවුන් ඉන්දියාවෙන් නික්මීමට පෙර කොවිඞ් නයින්ටීන් රෝග ලක්ෂණ පවතින්නේ දැයි පරීක්ෂාවට ලක් කරනු ඇති.
මේ අතර, දිල්ලියේ නිසමුද්දීන් ආගමික සමුළුව සඳහා අන්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන බවට ලක් රජය ඉන්දීය බලධාරීන් දැනුවත් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.
එමගින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සහ මෙරට අන්තවාදීන් අතර සම්බන්ධතාවක් අඛණ්ඩව පැවතුණ බවයි.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා එක්වූ අන්තවාදී පිරිස් ද ඉන්දියානු අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු පවතින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
"රට තුළ රැකියා පුරප්පාඩු ලක්ෂ 4ක් තිබුණත් නිපුණතා පරතරය නිසා පුරවන්න බෑ" - ඇමති හඳුන්නෙත්ති
Local
21 August 2026
එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ ප්රබලතම තත්ත්වය විය හැකියි - බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
Local
21 August 2026
"මේ වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 9ක ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්" - මුදල් නි. ඇමති
Local
21 August 2026
LANKAPAK 2026 ඔක්තෝබරයේදී කොළඹදී
Local
21 August 2026
ක්‍රිප්ටෝ, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම්වලින් මේ වසරේ අමෙරිකානු මැතිවරණ සඳහා වාර්තාගත වියදම්
Local
21 August 2026
එල් නිනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පීඩාවට
Local
21 August 2026
ඇලස්කාවේ ගුවන් යානයක් අනතුරට: යානයේ සිටි 8 දෙනාම මරුට
Local
21 August 2026
පෙරහරට හීලෑ අලි- ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී
Local
21 August 2026
කොළඹ වරාය නගරය වෙත ඉහළ පෙළේ ඕමාන දූත පිරිසක්
Local
21 August 2026
2027 වසරේ පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කෙරේ
Local
21 August 2026