General21 May 2020

මාලිගාවත්තේ පෞද්ගලිකව සිදුකළ ආධාර බෙදීමක් අතරතුර සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු ජිවිතක්ෂයට (වීඩියෝ)

මාලිගාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලිකව සිදුකළ ආධාර බෙදීමක් අතරතුරදී අද සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා.

එහි ප්‍රකාශිකාවක සදහන් කළේ මෙම තෙරපීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත්වූ තවත් කාන්තාවන් සිව් දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදීම සිදුකළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මාලිගාවත්ත පොලීසිය සදහන් කළේ.



Related recommendation
Hiru TV News | Programmes