General20 November 2020

පෑලියගොඩට ගෙන ගිය, පිටකොටුව මැනිං වෙළඳපොල අද විවෘත කෙරේ (ඡායාරූප සහ වීඩියෝ )



වෙළඳසැල් 1,192 කින් සමන්විත පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා.

මෙය වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක් මෙන්ම සේවකයින් සඳහා විවේකාගාර ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධි ශීත ගබඩා මෙන්ම හෝටල් පහසුකම්ද ඊට ඇතුළත් බවයි.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් සහ ජනතා පහසුව වෙනුවෙන් මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය සහ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යෑමට පියවර ගනු ලැබුවා.

අධිවේගී මාර්ග පද්ධතියද පෑලියගොඩට සම්බන්ධ වන නිසා කොළඹින් පිට ප්‍රදේශවලට තොග ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම විශේෂත්වයක්. ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 6.9ක් වැයකර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes