General16 December 2021

වද සැත්කම් කළා යැ යි චෝදනා ලැබූ දොස්තර සාෆි ව හිඟ වැටුප් සහිත ව සේවයේ පිහිටුවයි

ගැබිනි කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවකට වද සැත්කම් කිරීමේ චෝදනාව යටතේ අනිවාර්‍ය නිවාඩු යවා තිබූ කුරුනෑගල මහ රෝහලේ වෛද්‍ය එස්.එස්.එස් සාෆි සහබ්දින් හට අනිවාර්‍ය නිවාඩු ගන්වා තිබූ කාලය තුළ ලැබිය යුතු ව තිබූ හිඟ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දන්වා තිබෙනවා.

කුරුනෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ, ඔහු ආයතන සංග්‍රහයේ පටිපාටින් අනු ව නැවත සේවයේ පිහිටුවීමටත් කටයුතු කරන ලෙස යි.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මොහොමඩ් සාෆි සහබ්දින් වෛද්‍යවරයා මෙම චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට පවා ලක් වුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධ ව පැවති අවසන් නඩු වාරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණය හමුවේ දන්වා සිටියේ, වෛද්‍යවරයාට එරෙහි ව නැගෙන චෝදනා සනාත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නො මැති බව යි.

Related recommendation
Hiru TV News | Programmes