General26 December 2021

බැලුනයක ආධාරයෙන් තොරතුරු රැස් කරන පද්ධතියක් ගුවනට (වීඩියෝ සහ ඡායාරූප)

ප්‍රථම වතාවට බැලූනයක් ආධාරයෙන් තොරතුරු රැස්කරන පද්ධතියක් ගුවන් ගත කිරීම අද පෙරවරුවේ සිදුවුණා.

ඒ, දඹුල්ල - කන්ඩලම ඩී.එස්.සේනානායක විද්‍යාල භූමියේ සිටයි.

ගුවන් ගත කෙරුණු මෙම බැලූනය මගින් ඉහළ වායුගෝලයේ පවතින විවිධ සංඝටක මෙන්ම කාලගුණික දත්ත සහ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට ඇති හැකියාව සොයාබැලිය හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ.

රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල 17ක සිසුවියන් එක්ව අද පෙරවරු 6.35ට බැලූනයේ අදාල පරීක්ෂණ මෙවලම් සවිකොට ගුවනට මුදාහැරීම සිදුකෙරුණා.





Related recommendation
Hiru TV News | Programmes