General25 February 2022

යුක්රේනයේ තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් නිල නිවේදනයක්

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ යුක්රේනයේ ගැටුම්කාරී තත්වය මෑතකදී උත්සන්නවීම සම්බන්ධයෙන් ලක් රජය දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි.

එමෙන්ම උපරිම සංයමයකින් කටයුතු කරමින් එදිරිවාදිකම් වහා නතර කිරීමටත්, කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවර භාවය පවත්වාගැනීමටත් කටයුතු කරන ලෙස ලක් රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කළා.

එමෙන්ම අර්බුදය රාජතාන්ත්‍රික මට්ටමින් ඍජු සංවාදයකින් විසඳා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකාව අවධාරණය කරනවා.
Related recommendation
Hiru TV News | Programmes