General21 June 2026

IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ජුනි 24 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන මෙම කාර්ය මණ්ඩල සංචාරය සඳහා IMF හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපජෝර්ජියු (Evan Papageorgiou) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වීමට නියමිත බවයි සඳහන්.

ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී සොයා බැලීම මෙහි එක් ප්‍රධාන අරමුණක්.
Related recommendation
Hiru TV News | Programmes