General03 July 2022

රියඅනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සැත්කමක් සඳහා කොළඹට මාරු කෙරේ (වීඩියෝ)

අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයේ වන අලියකු ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.

ඔහු සැත්කමකට භාජනය කිරීමට නියමිත බවයි එහි ප්‍රකාශිකාවක අප කළ විමසීමක දී සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී ඇතුලු තුන්දෙනෙකු ගමන්ගත් මෝටර් රථය, අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ සොහොයුරෙකු වන සමන් ඇන්තනී සහ තවත් අයෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

මේ වනවිට සමන් ඇන්තනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, අනතුරෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා එම රෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.

ගමන් කරමින් සිටි කැබ් රථය වනඅලියෙකුගේ ගැටීමෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.

එහිදී ඔහුට සැත්කමක් සිදු කිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම කලාකරුවන් රූගත කෙරෙමින් පවතින 'සිංහබාහු' සිනමාපටය වෙනුවෙන් සිය රංගන කටයුතු සඳහා සහභාගීව පැමිණෙමින් සිටියදියි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes