General30 August 2022

මාස දෙකක දී පොල්ගෙඩි මිලියන 2ක් පකිස්ථානයට ගිහිං

මාස දෙකක් තුළ දී පොල් ගෙඩි මිලියන 2ක් පාකිස්ථානයට අපනයනය කිරීමෙන් ඉදිරියේ දී වෙළඳපළෙහි පොල් හිඟයක් ඇතිවන බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඉදිරි කාලසීමාව මෙරට පොල් ඵලදාව අඩු කාලයක් බවත් පොල් අපනයනය තුලින් එම තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කළේ.

රට තුළ පොල් හිඟයක් ඇති වුවහොත් පොල් සංවර්ධන අධිකාරිය ඊට වගකිව යුතු බවද ඔහු කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes