General13 December 2022

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති වර්තමාන අවශ්‍යතාවයන්ට හා නීති රීතිවලට අනුගත වන ලෙස නැවත කෙටුම්පත් කිරීම 2009 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරුණා.

එම කෙටුම්පත් කාර්ය පටිපාටික රීති අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුවක් විසින් කරන ලද යෝජනා ඇතුළත් කරමින් අවසන් කෙටුම්පත සකස් කර තිබෙනවා.

එලෙස සකස් කරන ලද රාජය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීතිවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, එම කාර්ය පටිපාටික රීති 2023 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes