General19 April 2023

ජාතික ආණ්ඩු යෝජනාව ලබන 25වැනි දා

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපතිවරයා විසින් ලබන 25වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමේ දී ඇති කරගත් කොන්දේසි හා ගිවිසුමද එදින පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කරනවා.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් වන යෝජනාවේ දී තමන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන අය ජාතික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරා.
Related recommendation
Hiru TV News | Programmes