International30 September 2025

අමෙරිකා‌වේ රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් අද ඉල්ලා අස්වෙති

අමෙරිකාව තුළ සේවය කරමින් සිටි සිවිල් රාජ්‍ය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් අද දින සේවයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා.

මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු වසරක් තුළ සිවිල් ෆෙඩරල් සේවයේ විශාලතම එකවර සේවක අඩුවීම බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

එරට තුළ සිවිල් ෆෙඩරල් ශ්‍රම බලකාය තුළ රජයට සේවය කරන මිලියන 3 ක් පමණ පුද්ගලයින්ගෙන් සමන්විතයි.

ට්‍රම්ප් පරිපාලනය විසින් හඳුන්වා දුන්රාජ්‍ය සේවකයින්ට මාස අටක වැටුප් සහිතව ලබාදෙන ස්වේච්ඡා විශ්‍රාම වැඩසටහන යටතේ මෙම ඉවත් වීම සිදුව තිබෙනවා.

"ඇත්ත වශයෙන්ම, මෙයඉතිහාසයේ විශාලතම සහ වඩාත්ම ඵලදායී ශ්‍රම බලකාය අඩු කිරීමේ සැලැස්ම වන අතර වාර්ෂිකව ඩොලර් බිලියන 28 ක් රජයට ඉතිරි කරනු ඇති" යනුවෙන් ධවල මන්දිරයේ ප්‍රකාශකයෙකු පැවසුවා.

ෆෙඩරල් සිවිල් ශ්‍රම බළකායෙන් 6.7% ක් පමණ මෙම වැඩසටහන යටතේ ඉල්ලා අස්වූ අතර 154,000 කට වැඩි පිරිසක් මාස6කට වැඩි කාලයක සම්පූර්ණ වැටුප් ලබාගෙන තිබෙනවා.

අදාළ පාර්ශ්ව සමඟ වූ සාකච්ඡාවලින් ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වුවහොත්, මහා පරිමාණ සේවයෙන් පහකිරීම්සඳහා සැලසුම් සකස් කරන ලෙස ධවල මන්දිරය ෆෙඩරල් ආයතනවලට නියෝග කර තිබුණ.

මෙම ඉල්ලා අස්වීමේ වැඩසටහනටඩොලර් බිලියන 14.8 ක මුදලක් වැය වෙනවා.

සේවකයින් 200,000 කට පරිපාලන නිවාඩු සඳහාමාස අටක් දක්වා පූර්ණ වැටුප් සහ ප්‍රතිලාභලබාදීම ඊට හේතුවයි.

පුද්ගල කළමනාකරණ කාර්යාලය ප්‍රකාශ කළේඑක් වරක් දරන මෙම වියදම් දිගු කාලීන ෆෙඩරල් රජයේ වියදම් අඩු කරනබවයි.

ප්‍රකාශකයාට අනුව, කල් දැමූ ඉල්ලා අස්වීම් සහ ස්වේච්ඡාවෙන් ඉවත් වීමේ වැඩසටහන්, ස්වාභාවික අඩුවීම සහ මුල් විශ්‍රාම වැඩසටහන් හරහා අපේක්ෂිත සමස්ත ඉවත් කිරීම් සංඛ්‍යාවසේවකයින් 275,000 ක් පමණවනවා.

පරිපාලනය විසින් නියෝග කරන ලද ශ්‍රම බලකාය අඩු කිරීමේ නියෝග හරහා තවත්දහස් ගණනක්සේවයෙන් ඉවත් වීමට නියමිත බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ඉවත්ව යන සේවකයින්ටදුර්වල වන රැකියා වෙළඳපොළකටඇතුල් වීමට සිදුවන බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

 ට්‍රම්ප් පරිපාලන තීරුබදුහේතුවෙන් ඇති වූ බාධා කිරීම් සහ අවිනිශ්චිතතාවයන් නිසා රැකියා 22,000 ක් පමණක් එකතු වූ අතර, 2025 අගෝස්තු මාසයේදී විරැකියා අනුපාතය 4.3% දක්වා ළඟා වුණා.

එය2021 න් පසු ඉහළම මට්ටමයි.

Related Recommends
Hiru TV News | Programmes