චීනයට ගුවන් බලඇණියක් සන්නද්ධ කිරීමට සහ පුහුණු කිරීමට රුසියාව එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, චීනය සහ රුසියාව අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින හමුදාමය හවුල්කාරිත්වය නිරූපණය කරන, ප්‍රමුඛ පෙළේ චින්තන පර්ශදයක් විසින් සමාලෝචනය කරන ලේඛන මගින් මේ බව අනාවරණ කර ඇති බවයි.
බ්ලැක් මූන් හැක්ටිවිස්ට් කණ්ඩායම විසින් නිකුත් කරන ලද සහ බ්‍රිතාන්‍ය චින්තන පර්ශදයක් වන රෝයල් යුනයිටඩ් සර්විසස් ඉන්ස්ටිටියුට් (RUSI) විසින් සත්‍යාපනය කරන ලද ලේඛනවලට අනුව, 2023 දී රුසියාව චීනයේ මහජන විමුක්ති හමුදාවට ප්‍රහාරක වාහන, ටැංකි නාශක තුවක්කු සහ ගුවන් සන්නද්ධ පිරිස් වාහක ඇතුළු හමුදා උපකරණ කට්ටලයක් විකිණීමට එකඟ වී තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා.
සන්නද්ධ වාහන චීන සන්නිවේදන පද්ධති සහ අණ සහ පාලන කට්ටලවලින් සමන්විත වන අතර, රෝයල් යුනයිටඩ් සර්විසස් ඉන්ස්ටිටියුට් විසින් සමාලෝචනය කරන ලද ආසන්න වශයෙන් පිටු 800ක වාර්තාව අනුව, රුසියාව චීන පැරෂුට් භටයින්ගේ බලඇණියක් ද පුහුණු කරනු ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.
ගිවිසුමේ නියමයන් යටතේ, රුසියාව චීනයට තාක්ෂණික වශයෙන් ද සහය ලබා දීමට නියමිත අතර, එමඟින් සමාන ආයුධ සෑදීමට ඉඩ සැලසෙන බව එම ලේඛන සමාලෝචනයෙන් පෙන්නුම් කෙරෙන බව සඳහන්.
මෙම ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුවහොත් රුසියාව චීනයට ස්වයං පාලන දූපතක් වන තායිවානය අත්පත් කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට උපකාරී වනු ඇතැයි ද එම වාර්තා පෙන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Latest News
නීති විරෝධී ගුරුකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
Local
01 October 2025

BYD රථ අවුලට JKCG වෙතින් අලුත් විකල්ප යෝජනා කරයි
Local
01 October 2025

SVAT අද සිට අහෝසි
Local
01 October 2025

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
Local
01 October 2025

බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
Local
01 October 2025

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Local
01 October 2025

'උරුමය' මුවාවෙන් කෝටි 10ක ඔප්පු වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට
Local
01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට
Local
01 October 2025