International30 September 2025

පකිස්ථානයේ විරෝධතාවකදී දෙදෙනෙකු මියයයි - 22කට තුවාල

පකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද්හි පකිස්ථාන රජයට එරෙහිව පැවති විරෝධතා අතරතුර පැවති ප්‍රචණ්ඩ ගැටුම්වලින් දෙදෙනෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පකිස්ථාන හමුදාවේ සහය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් මූලික අයිතිවාසිකම් ඉල්ලා සිටින සිවිල් වැසියන්ට වෙඩි තබනු දක්නට ලැබුණු බව ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කරනවා.

පකිස්ථාන මාධ්‍ය නාලිකා විසින් අන්තර්ජාලය හරහා ඔස්සේ නිකුත් කරන ලද ප්‍රචණ්ඩත්වය දැක්වෙන වීඩියෝ මගින් විරෝධතා පැවැති ප්‍රදේශවල තිබෙන නොසන්සුන්තා පෙන්නුම් කෙරුණා.

එක් වීඩියෝවක පුද්ගලයින් පිරිසක් අහසට තුවක්කු ඔසවා වෙඩි තබන අතර අනෙක් පිරිස කොඩි ඔසවමින්, සටන් පාඨ ගායනා කරන උද්ඝෝෂකයින්ගෙන් වට වූ මෝටර් රථ මතට නගින අයුරු දැකිය හැකියි.

තවත් වීඩියෝවක විරෝධතාකරුවෙකු භාවිතා කළ උණ්ඩ කිහිපයක් අතැතිව සිටින අයුරු දිස් වෙනවා.

පසුගිය පැය 24 තුළ 'මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම' සම්බන්ධයෙන් අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් මෙහෙයවන ලද දැවැන්ත විරෝධතාවලින් පකිස්තානය පාලනයේ පවතින කාශ්මීර කලාපය උණුසුම් වී තිබුණා.

වෙළඳපොළවල්, සාප්පු සහ ප්‍රාදේශීය ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වසා දැමීම මෙන්ම ප්‍රවාහන සේවා අත්හිටුවීම ද ඊට ඇතුළත්.

විරෝධතාකරුවන්ට ඉල්ලීම් 38 ක් වෙනුවෙ රජයට බලපෑම් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related Recommends
Hiru TV News | Programmes