International06 October 2025

2025 කායික හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට

2025 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය, ශරීරයට ඇතුළු වීමට උත්සාහ කරන විවිධ ක්ෂුද්‍ර ජීවීන් දහස් ගණනකින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන්නේ කෙසේද යන්න සොයාගත් විද්‍යාඥයින් තිදෙනෙකුට ලබා දීමට තීරණයකර තිබෙනවා.

මරියා ඊ. බ්‍රන්කෝ (Mary E. Brunkow), ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් (Fred Ramsdell) සහ ෂිමොන් සකාගුචි (Shimon Sakaguchi) යන තිදෙනා මෙසේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා ඇති අතර "පර්යන්ත ප්‍රතිශක්ති ඉවසීම (peripheral immune tolerance) පිළිබඳ ඔවුන්ගේ මූලික සොයාගැනීම්" වෙනුවෙන් මෙම නොබෙල් ත්‍යාගය හිමි වූ බවයි නොබෙල් කමිටුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති උත්සවයකදී නිවේදනය කළේ.

ඔවුන්ගෙන් දෙදෙනෙක් ඇමරිකානු ජාතිකයන් වන අතර එක් අයෙක් ජපන් ජාතිකයෙක් බවයි වාර්තා වෙන්නේ.

ත්‍යාගලාභීන් විසින් "නියාමන ටී සෛල" (regulatory T cells) හඳුනාගෙන ඇති අතර මේවා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂක නිලධාරීන් ලෙස ක්‍රියා කරන අතර, ප්‍රතිශක්තිකරණ සෛල අපගේ ශරීරයටම පහර දීම වළක්වයි.

නොබෙල් කමිටුවේ සභාපති ඔලේ කැම්පේ (Olle Kämpe) පැවසුවේ, "ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන ආකාරය සහ අප සියලු දෙනාටම බරපතළ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (autoimmune diseases) වර්ධනය නොවීම පිළිබඳ අපගේ අවබෝධය සඳහා ඔවුන්ගේ සොයාගැනීම් තීරණාත්මක වී ඇති" බවයි.

ජපන් ජාතික ප්‍රතිශක්ති විද්‍යාඥයෙකු වන සකාගුචි 1995 දී ටී සෛලවල නව පන්තියක් සොයා ගත් බවයි කමිටුව පවසන්නේ.

Related recommendation
Hiru TV News | Programmes