General08 October 2025

ගොවිජන සේවා ඩී.ඕ රිමාන්ඩ්

කුඹුරක් ආශ්‍රිතව ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග නොගෙන සිටීම සඳහා රුපියල් 25000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් බව කියන දෙනියාය ගොවිඡන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (8) නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

දෙනියාය ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙක් ලෙස සේවය කරන ලද කොටගල ඩීමන්ගේ නැමැති පුද්ගලයෙක් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.

සැකකර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවා දායකයා අල්ලසක් ලෙස මුදල් ඉල්ලා නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව අධිකරණයට දැන්වු විමර්ශන නිලධාරීන් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා
Related recommendation
Hiru TV News | Programmes