General08 October 2025

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය විසින් කතානායකවරයාට භාරදුන් යෝජනාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ හදිසි විවාදයක් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

අදාළ යෝජනාව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් කතානායක ජගත් වික්‍රමරත්නට භාර දුන්නා.

මේ අතර බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවන නව ක්‍රමවේදයක් ලබන මස 30 වනදා සිට ක්‍රියාත්මක කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
Related Recommends
Hiru TV News | Programmes