General10 October 2025

වනඅලි ප්‍රහාරයෙන් හේන් ගොවියා මරුට

කිරින්ද පොලිස් වසමට අයත් ඔරුකෙම්මුල්ල ප්‍රදේශයේදී ඊයේ (09) සවස 06 ට පමණ වනඅලියකු පහරදීමෙන් හේන් ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඹුගොඩ ආර, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි ජයසූරිය පටබැඳිගේ ජයරත්න නමැත්තායි.

ඔහු තිස්සමහාරාම අන්දරගස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් කිරින්ද ඔරුකෙම්මුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර පහක් පමණවූ හේනක් වන සතුන් ගෙන් රැක බලා ගැනීමට ගොස් සිටියදී මෙම වන අලියා පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ජීවිතක්ෂයට පත් හේන් ගොවියාගේ මෘතදේහය මේ වනවිට දෙබරවැව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මරණ පරීක්ෂණය අද (10) සිදුකිරීමට නියමිතයි. 

කිරින්ද පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.

Related recommendation
Hiru TV News | Programmes