හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා පස්වරු 02 දක්වා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ, කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ මෙම නඩුව කැඳවීමෙන් පසුවයි.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්වයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබුණා.
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නමුත් ඔහුගේ රෝගී තත්ත්වයක් සැලකිල්ලට ගෙන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
සිද්ධියට අදාළ නඩුව අගෝස්තු මස 26 වැනිදා නැවත කැඳවූ අවස්ථාව වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊට එක්වූයේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.
ඒ අනුව එදින ඔහුට ඇප නියම වුණා.

Latest News
කොට්ටහච්චිගේ නීතිඥ සහතිකය ප්‍රසිද්ධ කළ යුතුයි-ගම්මන්පිල
Local
29 October 2025
පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටු 4කට අමෙරිකාවෙන් ප්‍රහාර; 14ක් මරුට
Local
29 October 2025
ගල්කිස්ස උසාවියේ නඩු බඩු කාමරයෙන් ගිනි අවියක් ඉස්සූ රැඳවියා මාට්ටු
Local
29 October 2025
රේගුව රඳවා ගත් කුරාන් ග්රන්ථ යළි ඉන්දියාවට
Local
29 October 2025
බැලුවම කෙට්ටු වුණාට ඇතුළෙ තෙල් තට්ටු: BMI ගැන වාර්තාවක්
Local
29 October 2025
වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ගන්නවා නම් එච්අයිවී ආසාදිතයින්ට ප්‍රශ්නයක් ඇත්තේම නෑ
Local
29 October 2025
පිරිවෙනුත් ඩිජිටල්වෙයි
Local
29 October 2025
මාස තුනක්ම රැස් නොවූ සීතාවක ප්‍රාදේශීය සභාව කැඳවන ලෙස ඉල්ලති
Local
29 October 2025
එක්දින පිතිකරුවන් අතර අංක 01 රෝහිත් ශර්මාට
Local
29 October 2025
දේශපාලන හිතවතුන් රැසක් රනිල් වෙනුවෙන් අද අධිකරණයට
Local
29 October 2025