සෑම විනාඩි 10කටම ලෝකයේ කොතැනක හෝ එක් කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් සිය සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනය වන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සහ ජගත් කාන්තා සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ, 2024 වසරේදී කාන්තාවන් සහ ගැහැණු ළමුන් 50,000ක් පමණ සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් අතින් ඝාතනය කර ඇති බවයි.
එයින් අදහස් වන්නේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් 137ක් මිය යන බවයි.පසුගිය වසරේ (2024) හිතාමතා ඝාතනය කරන ලද සමස්ත කාන්තාවන් සහ ගැහැණු ළමුන් 83,000කින්, 60%ක් එනම් 50,000ක් සිය සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසින් සිදු කර තිබෙන බව එම වාර්තාවේ සඳහන්.
මෙවැනි ස්ත්‍රී ඝාතනවල ඉහළම අනුපාතය වාර්තා වී ඇත්තේ අප්‍රිකාවෙන්. එය කාන්තාවන් සහ ගැහැණු ළමුන් 100,000කට 3ක් බැගින් වනවා.
මෙවැනි ඝාතනවලට ලක්වීමේ අවදානම් ඇති අනතුරුදායක කණ්ඩායම් අතරට දේශපාලනයේ නිරත කාන්තාවන්, මාධ්‍යවේදිනියන් සහ ක්‍රියාකාරීන් වැනි ක්ෂේත්රවල නියැලෙන කාන්තාවන් වැඩි අවදානමකට මුහුණ දී ඇති බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ.
UNODC හි වැඩබලන විධායක අධ්යක්ෂ ජෝන් බ්රැන්ඩොලිනෝ පවසන පරිදි, ලොව පුරා බොහෝ කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට නිවස තවමත් අනතුරුදායක සහ සමහර විට මාරාන්තික ස්ථානයක් ලෙස පවතිනවා.
මෙම ඝාතන බොහෝ විට ආරම්භ වන්නේ පාලනය කිරීමේ හැසිරීම්, තර්ජන සහ හිරිහැර කිරීම් වැනි අඛණ්ඩ ප්රචණ්ඩත්වයක් මත බව UN කාන්තා ප්‍රතිපත්ති අංශයේ අධ්යක්ෂ සාරා හෙන්ඩ්‍රික්ස් පැවසුවා.
පර්යේෂකයන් දැඩි ලෙස අනතුරු අඟවන්නේ නිසි ලෙස වාර්තා නොකිරීම හේතුවෙන් මෙම ස්ත්‍රී ඝාතනවල සැබෑ හානිය වාර්තාගත සංඛ්‍යාවට වඩා බොහෝ ඉහළ විය හැකි බවයි.
මෙම මාරාන්තික ප්රචණ්ඩත්වය වැලැක්වීම සඳහා, වඩා හොඳ වැළැක්වීමේ උපාය මාර්ග සහ අපරාධ යුක්ති විනිශ්චය ප්‍රතිචාර මෙන්ම, වැරදිකරුවන් වගවීම සඳහා වන නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන් ලොව පුරා රටවල බලධාරීන්ට අවධාරණය කරනවා.
Latest News
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
06 June 2026
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල
Local
06 June 2026
ලක්ෂ 5කට අධික මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙක් දැලේ
Local
06 June 2026
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
Local
05 June 2026
දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්
Local
05 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 June 2026
මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි
Local
05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග
Local
05 June 2026
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්
Local
05 June 2026
පළඟ වටයේ උණුසුම් සටනින් තර්ස්ටන් පිලට 14-12 ක තියුණු ජයක්
Local
05 June 2026