ජර්මනිය, ප්‍රංශය ඇතුළු නේටෝ සාමාජික රටවල් වහාම ග්‍රීන්ලන්තය වෙත තම හමුදා යවා තිබෙනවා.
ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව භාර ඩෙන්මාර්කය මේ වනවිට අමෙරිකාවට එරෙහිව සන්නද්ධ වෙමින් සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ වනවිටත් ජර්මනිය සෙබළුන් 13 දෙනෙකු ද, ප්‍රංශය සෙබළුන් 15 දෙනෙකු ද ඊයේ ග්‍රීන්ලන්තය වෙත යවා තිබුණා.
මීට අමතරව ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය සහ කැනඩාව ද මෙයට ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකාව, කැනඩාව සහ යුරෝපීය රටවල්වලින් සමන්විතව සාමාජික රටවල් 32ක් නේටෝ ආරක්ෂක සන්ධානයේ කොටස්කරුවන්.
නේටෝවේ 5 වන වගන්තියට අනුව, සාමාජික රටකට එල්ල වන ප්‍රහාරයක් සියලුම සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකන අතර, ඒ සඳහා සහායක රටවල සහයෝගය අනිවාර්යයි.
කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරන ලෙස ඩෙන්මාර්කය කළ ඉල්ලීමකට අනුව ජර්මානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වන බව වාර්තාවල දැක්වෙනවා.
එහිදී ජර්මනිය හමුදා නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.
මේ අතර, ස්වීඩන් අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් සන්නද්ධ හමුදා බදාදා දින ග්‍රීන්ලන්තයට පැමිණෙන බවයි.
ඔවුන් මිත්‍ර රටවල් කිහිපයකින් සමන්විත කණ්ඩායමක කොටසක් වන අතර, ඩෙන්මාර්කයේ ඔපරේෂන් ආක්ටික් එන්ඩියුරන්ස් අභ්‍යාසය යටතේ ඉදිරි කටයුතු සඳහා සූදානම් වනු ඇති
එංගලන්තය සහ නෝර්වේ රටවල් ‘ආක්ටික් සෙන්ට්‍රි’ නේටෝ මෙහෙයුමට සහය දක්වන බව වාර්තා වනවා.
මෙම හමුදා සහයෝගීතාවය හරහා රුසියානු තර්ජනවලට මුහුණ දීමටත්, ග්‍රීන්ලන්තය ආරක්ෂා කිරීමට යුරෝපය කැපවී සිටින බවට අමෙරිකාවට සහතිකයක් ලබා දීමටත් බලාපොරොත්තු වනවා.
චීනය හෝ රුසියාව ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට පෙර, ජාතික ආරක්ෂක අරමුණු වෙනුවෙන් අමෙරිකාව එය ලබා ගත යුතු බවයි ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ.
තම රට ගොඩනඟන ගෝල්ඩන් ඩෝම් ආරක්ෂක පද්ධතිය සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත නිලධාරීන්, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හමුවීමෙන් පසු පවසා ඇත්තේ, ඇමරිකානු ස්ථාවරය වෙනස් කිරීමට තමන්ට නොහැකි වූ බවයි.
"ජනාධිපතිවරයාට ග්‍රීන්ලන්තය යටත් කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇති බව පැහැදිලියි," යැයි ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් ලොක්කේ රස්මුසන් පැවසුවා.
ට්‍රම්ප්ගේ පක්ෂයේම සාමාජිකයන් පවා ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධයි.
නෙබ්‍රස්කා ප්‍රාන්තයේ 62 හැවිරිදි රිපබ්ලිකන් නියෝජිත ඩොන් බේකන් පවසා ඇත්තේ, ජනාධිපතිවරයා ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට හමුදා බලය භාවිතා කළහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට තමා කටයුතු කරන බවයි.

Latest News
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026