International11 July 2026

අමෙරිකාව, ඉරානයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉල්ලයි

ඕමාන් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවල කොටසක් ලෙස, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස අමෙරිකාව ඉරානයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම, වාණිජ නෞකාවලට වෙඩි තැබීම නැවැත්වීමට ප්‍රතිඥා ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, නෞකාවලට වෙඩි තැබීම අත්වැරදීමක් බව ඉරාන ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව නිර්නාමික නිලධාරීන් කිහිප දෙනෙකු උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, ඉරාන ජාතිකයින් මෙහි වරද එරට ක්‍රියාත්මක කැරලිකාර කණ්ඩායමකට පවරා ඇති බව ද වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes