මෙවර පාපන්දු කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ 25 හැවිරිදි දක්ෂ මැදපෙළ ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් (Jayden Adams) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම සහ මාමෙලොඩි සන්ඩවුන්ස් (Mamelodi Sundowns) සමාජය නියෝජනය කළ ඔහු, සිය රට වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියකට එක්වී සති කිහිපයක් ගතවීමටත් මත්තෙන් මෙලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
පොලිස් වාර්තාවලට අනුව, කේප් ටවුන් නුවර ෂොට්ෂෙක්ලූෆ් (Schotschekloof) ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී 25 හැවිරිදි මොහුගේ මළසිරුර අද (11) උදෑසන සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ඛේදනීය පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩා, කලා හා සංස්කෘතික අමාත්‍ය ගේටන් මැකෙන්සි ප්‍රකාශ කළේ, ජේඩන්ගේ අභාවය තමා දැඩි කම්පනයකට පත් කළ බවයි.
2022 වසරේදී ජාතික කණ්ඩායමට අවතීර්ණය ලැබූ ජේඩන් ඇඩම්ස්, 2023 අප්‍රිකානු කුසලාන (AFCON) තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකානු සංචිතයේ ද සාමාජිකයෙකු වුණා.
ස්ටෙලන්බොෂ් (Stellenbosch FC) කණ්ඩායමෙන් ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඔහු, 2025 ජනවාරි මාසයේදී මාමෙලොඩි සන්ඩවුන්ස් කණ්ඩායමට එක්වෙමින් එරට ලීග් ශූරතාව සහ අප්‍රිකානු චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීමට දායක වූ අයෙක්.
ජේඩන්ගේ අභාවය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino ද සිය කණගාටුව පළ කර ඇති අතර, ලෝක කුසලාන තරගාවලියකදී සිය රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළ මෙවැනි තරුණ ක්‍රීඩකයෙකු අහිමි වීම සමස්ත ලෝක පාපන්දු ප්‍රජාවටම දැඩි පාඩුවක් බව ඔහු සඳහන් කර තිබෙනවා.

Latest News
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026