International11 July 2026

වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට

වියට්නාමයේ දකුණුදිග දූපතක් වන ෆූ කුලොක් (Phu Quoc) වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් ඉන්දීය සංචාරකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද දහවල් (11) සිදු වූ මෙම අනතුරෙන් පසු ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් පුද්ගලයින් 21 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

අනතුරට පත්වන අවස්ථාවේදී මෙම බෝට්ටුව තුළ ඉන්දීය සංචාරකයින් 32ක් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සහ සහායකයෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු ගමන් කර ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes