General20 January 2026

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතිය

ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ - හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ලෙස ඉදිකිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්වරට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ 2009 නොවැම්බර් 11 වැනිදායි.

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ප්‍රමුඛතාගත කිරීමේදී මෙහි ඉදිකිරීම් තාවකාලිකව නතර කෙරුණා.

යාපෘතියට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලින් 90%ක්ම මේ වන විට අවසන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes