චීනයේ ප්‍රධාන නගර දෙකකට ඉහළින් ඇති වාතය පරීක්ෂා කිරීමේදී මුළු ලොවටම තර්ජනයක් වී ඇති විෂ සහිත මූලද්‍රව්‍යයක පැවැත්ම අනාවරණය වී තිබෙනවා.
ගුවැන්ග්ෂු සහ ෂියැන් යන නගරවල වායුගෝලයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් කොතරම් විශාල ප්‍රමාණයක් පවතීද යත්, ඒවා මගින් ප්ලාස්ටික් වලාකුළු නිර්මාණය වීමට පවා පටන් ගෙන ඇති බවයි පර්යේෂකයෝ පවසන්නේ.
චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් විසින් මෙම නගරවලට ඉහළින් ඇති වායුගෝලයේ ඇති ප්ලාස්ටික් අංශු පරීක්ෂා කළා.
මෙම පර්යේෂණය සඳහා විද්‍යාඥයන් විසින් පරිගණක මගින් පාලනය වන නවීන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය තාක්ෂණයක් භාවිතා කර තිබුණා.
එහිදී හමු වූ තොරතුරු දැක ඔවුන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති අතර සිය සොයාගැනීම් පිළිබඳ 'Science Advances' සඟරාවේ පළවුණා.
මෙම අධ්‍යයනයට අනුව, වාතයේ පාවෙන ප්ලාස්ටික් අංශු සහ දූවිලි ප්‍රමාණය මීට පෙර දෘශ්‍ය ක්‍රම මගින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා දෙගුණයක සිට හය ගුණයක් දක්වා වැඩි බව නිරීක්ෂණය වී තිබෙනවා.
මෙයින් පෙනී යන්නේ ප්ලාස්ටික් දූෂණය අප සිතා සිටියාට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින බවයි.
පසුගිය දශක දෙකක කාලය තුළ ප්ලාස්ටික් යනු පෘථිවියේ සෑම පාරිසරික පද්ධතියකටම පැතිර ගිය ගෝලීය ගැටලුවක්.
වාහන ධාවනය හේතුවෙන් පාරේ ඇති දූවිලි නිරන්තරයෙන් වායුගෝලයට එකතු වන අතර, එය මෙම ප්ලාස්ටික් අංශු වාතයට මුදා හැරෙන ප්‍රධාන මාර්ගයක් බව බ්‍රිතාන්‍යයේ 'The Independent' පුවත්පත වාර්තා කරනවා.
මෙම ප්ලාස්ටික් අංශු ඉතා කුඩා බැවින් ඒවා දිගු කාලයක් වායුගෝලයේ රැඳී පවතින අතර වලාකුළු සෑදීමට දායක වන බව සඳහන්.
මේවා වැසි ජලය සමඟ පොළොවට පතිත වන විට, ප්ලාස්ටික් මුලින් මුදා නොහළ ඉතා දුර බැහැර ප්‍රදේශ කරා ද පැතිර යන බවයි පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ.
මෙම පර්යේෂණයේදී නැනෝමීටර 200 තරම් කුඩා ප්ලාස්ටික් අංශු පවා හඳුනා ගැනීමට හැකි නවීන ක්‍රමවේදයක් භාවිතා කර තිබෙනවා.
මෙම ප්ලාස්ටික් අංශු ගෝලීය දේශගුණයට විශාල බලපෑමක් කරන්නේද යන්න මෙම අධ්‍යයනයෙන් තවමත් ස්ථිරව ප්‍රකාශ කර නැහැ.
එහෙත් වලාකුළු සෑදීමේදී ඒවා ප්‍රබල බලපෑමක් කරන බව අවධාරණය කෙරෙනවා.
මෙම සොයාගැනීම මගින් දේශගුණයට, පරිසර පද්ධතිවලට සහ මිනිස් සෞඛ්‍යයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව නව අවබෝධයක් ලබා දෙනවා.
ක්ෂුද්‍ර ප්ලාස්ටික් දැනටමත් සාගරවලට, අපගේ ආහාරවලට සහ මිනිස් සිරුරේ අවයව තුළට පවා ඇතුළු වී ඇති බවයි සොයාගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, වායුගෝලය තුළ මෙම ප්ලාස්ටික් අංශුවල ක්‍රියාකාරිත්වය පිළිබඳව තවමත් ඇත්තේ ඉතා අඩු අවබෝධයක්.
Latest News
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026