නවසීලන්තයේ උතුරු දූපතට බලපා ඇති දැඩි අයහපත් කාලගුණයත් සමග ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මවුන්ට් මංගනුයි (Mount Maunganui) ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් මතට අද (22) පෙරවරුවේ ප්‍රබල නායයෑමක් සිදුව තිබෙනවා.
ඒ, හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නායයෑම සිදුවන අවස්ථාවේ කූඩාරම් සහ මෝටර් රථ (Campervans) තුළ සිටි පුද්ගලයන් පිරිසක් පස්වලට යටවී ඇති බවට සැක කෙරෙනවා.
බලධාරීන් පවසන්නේ අතුරුදහන් වූ සංඛ්‍යාව 10කට අඩු (Single digits) පිරිසක් බවයි.
ඒ අතර කුඩා දැරියක ද සිටින බව වාර්තා වෙනවා.
නායයෑම සිදුවූ ස්ථානයට මුලින්ම පැමිණි සහන කණ්ඩායම්වලට පස්වලට යටවූවන්ගේ කෑගැසීම් ශබ්ද ඇසුණද, පසුව එම ශබ්ද නෑසී ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.
දැනට නිලධාරීන් 40ක් පමණ විශේෂ උපකරණ සහ සුනඛයන් යොදාගෙන සෝදිසි මෙහෙයුම් සිදුකරන බවට සඳහන්.
උතුරු දූපතේ ප්‍රදේශ කිහිපයකට දැනටමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඕක්ලන්ඩ් නුවරට උතුරින් පිහිටි වෝක්වර්ත් (Warkworth) ප්‍රදේශයේ ගංවතුරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු සෙවීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.
මීට අමතරව පාපමෝවා (Papamoa) ප්‍රදේශයේ සිදුවූ තවත් නායයෑමකින් දෙදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.
දැඩි වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් උතුරු දූපතේ දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා නගර කිහිපයක් හුදකලා වී තිබෙන බවට වාර්තා වෙනවා.
මෙය වසර 100කට වරක් සිදුවන ආකාරයේ දරුණු ස්වභාවික විපර්යාසයක් බවත්, මෙහි ප්‍රමුඛතාවය වන්නේ පස්වලට යටවී සිටින පිරිස බේරා ගැනීම බවත්, පොලිස් සහකාර කොමසාරිස්වරයා පවසා තිබෙනවා.
මේ වන විට එම ප්‍රදේශයේ සිටි සංචාරකයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, එළඹෙන සති අන්තයේ ද තවදුරටත් වර්ෂාව පවතිනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Latest News
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026