අරගලය පැවැති අවස්ථාවේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී චුදිතයින් 12 දෙනකුට මරණීය දණ්ඩනය ද, සිව් දෙනකුට අත්හිටවූ සිරදඬුවම් ද, තවත් චුදිතයින් 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග නිකුත් වුණා.
ඒ, ගම්පහ ත්රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීයි.
අයුතු ජනරාශිය, මනුෂ්‍ය ඝාතනය, පොදු දේපලවට හානි කිරීම යන චෝදනා 14කට අදාළව නිතිපතිවරයා විසින් මෙම නඩුවේ චුදිතයින් 41 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණා.
මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ ඉදිරිපත් කර තිබු සියළු චෝදනාවලින් සියළුම චුදිතයින් නිදොස් කොට නිදහස් කරන බවයි.
ඒ අනුව මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක් බවට ප්‍රකාශයට පත් වුණා.
මෙම නඩුවේ දී අත්හිටවූ සිරදඬුවම් නියම වූ චුදිතයින් සිව් දෙනාට අධිකරණයෙන් දඩ හා වන්දි මුදල් ද නියම කෙරුණා.
ඒ අනුව, එක් අයකුට රුපියල් 10,000 ක දඩයක් හා අගතියට පත් පාර්ශ්වය වෙත රුපියල් 50,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට අධිකරණයෙන් නියෝග කෙරුණා.
එම දඩ මුදල සහ වන්දි මුදල අද (11) දිනයේදීම ගෙවා නිම කළ යුතුව ඇති බවටත් අධිකරණයෙන් චුදිතයින් සිව් දෙනාට නියෝග කෙරුණා.
මෙලෙස වන්දි ගෙවීමට නියම කෙරුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ බිරිඳට සහ හිටපු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන යන අයගේ බිරිඳටයි.
මෙම දීර්ඝ නඩු විභාගය ගම්පහ මහාධිකරණය හමුවේ විභාග කෙරුණේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.
ඒ අනුව එහි නියෝගය අද (11) නිකුත් කෙරුණා.
මෙම නඩුවේදී වරදකරුවන් වී මරණීය දණ්ඩනය නියම වූයේ, ධනුෂ්ක ලක්ෂාන්ත, මොහොමඩ් ඩිල්ෂාන්, සාගර ප්‍රනාන්දු, තරිඳු සුනිල්රත්න, ඉන්දික තුෂාර විජේසිංහ, රාසයියා සත්‍ය කුමාර්, චාරුක දේශාන්, සනත් වීර ප්‍රසන්න, මධු භාෂිත ජයවීර, රංගන රුවන් නන්දසේන, දිලූක ප්‍රභාත් ජයතිලක, ඉරේශ අෂාන් පීරිස් නමැත්තන්ටයි.
මෙහිදී ඉරේශ අෂාන් පීරිස් නමැති චුදිත නොමැතිව නඩු විභාගය පැවැත්වුණා.
මෙම නඩුවේ චූදිතයින් සිව් දෙනකුට අත්හිටවූ සිරදඩුවම් නියම කෙරුණා. ඒ අනුව, එක් අයකුට මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවම් වසර පහකට අත්හිටවූ අධිකරණය, රුපියල් 10,000ක දඩයක් නියම කළා. අගතියට පත් පාර්ශ්වය වෙත රුපියල් 50,000ක වන්දි මුදලක් ද නියම කළා.
එකී දඩ මුදල නොගෙවන්නේ නම්, තවත් අමතර මාස තුනක සිර දඬුවමක් ද අධිකරණයෙන් චුදිතයින්ට නියම කළා.
අධිකරණයෙන් නියම කළ අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 12ක අමතර සිර දඬුවමක්ද නියම කළ විනිසුරුවරුන් එකී වන්දි මුදල් හා දඩ මුදල් අද (11) දිනයේදීම ගෙවන ලෙසට අත්හිටවූ සිරදඬුවම් නියමවූ සිව්දෙනාට නියෝග කළා.
මෙලෙස අත්හිටවු සිරදඬුවම් නියම කරෙුණේ ඉශාන් සරවනාස් දිල්ෂාන්, අනුරංග සූරසිංහ, උජිත් සාගර ප්‍රසන්න හා සුවිනීත් ප්‍රියංකර කුමාරසිංහ නමැත්තන්ටයි.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනූ ලැබූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරසඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තාක්ෂණික හා වෝහාරික පරීක්ෂණ උපයෝගී කරගෙන සිදු කළ නඩු විභාගය මෙය බවයි.
ඉකුත් 2022 ජුනි මස 9 වැනිදා නිට්ටඹුව නගරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චුදිතයින් 12 දෙනාට මරණීය දණ්ඩනය නියම කිරීමට ප්‍රථම විනිසුරු මඩුල්ල එක් එක් චූදිතයින්ගෙන් නිදහසට කරුණු විමසීමක් කළා.
මෙහිදී එක් එක් චූදිතයින් විත්තිකූඩුවේ සිටිමින් සඳහන්කර සිටියේ, තමන් මේ සියළු චෝදනාවලට නිවැරදිකරුවන් බවත්, කිසිදු ඝාතනයකට හෝ වෙනත් ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් ය. තමන් සියළු දෙනා පැමිණියේ මෙම සිද්ධිය නැරඹීම සඳහාම පමණක් බව ද ඔවුන් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර සිටියා. එමෙන්ම තම දරුපවුල් නඩත්තු වන්නේ තමන් නිසා බැවින් තමන්ට නියම කරන මරණීය දණ්ඩනය ලිහිල් කර දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා.
පසුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්රීපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, මරණීය දණ්ඩනය නියම කළ චුදිතයින් 12 දෙනා ජනාධිපතිවරයා එල්ලා මැරීමට නියෝග කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළ රඳවා තබන ලෙසයි.
අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගී වී යළි පොළොන්නරුව බලා යමින් සිටියදී, නිට්ටඹුව නගරයේදී විරෝධතාකරුවන්ගේ පහරදීමකට ලක්ව මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ගේ නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණේ ඉකුත් 2023 වසරේ සිටයි.
මනුෂ්‍ය ඝාතනය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම සහ වාහනයකට ගිනි තබා දේපළ කොල්ලකෑම යන අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
නඩු විභාගය අතරතුර 13 සහ 31 වන විත්තිකරුවන් මියගොස් ඇති අතර, 39 සහ 40 වන විත්තිකරුවන් අධිකරණය මඟහැර සිටියදී නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන ගියා.
නඩු විභාගය අතරතුර එක් දිනකදී අධිකරණය මඟහැරීම හේතුවෙන් 03 වන විත්තිකරු නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ද විනිසුරු මඩුල්ල පියවර ගෙන තිබිණා.
මෙම නඩු විභාගය්දී විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන විමර්ශන මෙහෙයවා තිබූ අතර, එහිදී පුද්ගල සාක්ෂිවලට අමතරව සීසීටීවී දර්ශන, ඩී.එන්.ඒ පරීක්ෂණ, සොකෝ නිලධාරීන්ගේ වාර්තා, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය, සහ වීඩියෝ දර්ශන ඇතුළු තාක්ෂණය මූලික කරගනිමින් එක් එක් සැකකරු සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශනය කර තිබු බවට අධිකරණයේදී කරුණු තහවුරු කෙරුණා.
මෙම නඩුවට අදාළව පොලිස් සහ යුද හමුදා නිලධාරීන්, ප්‍රභූවරුන්, ග්‍රාම නිලධාරීන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් පුද්ගලයන් 200කට ආසන්න සාක්ෂි ප්‍රමාණයක් සටහන් කරගෙන තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දි තිබුණා.
විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු, ව්‍යාපාරිකයින්, ත්‍රිරෝද රථ රියැදුරන්, වෙළෙඳ ආයතන සේවකයන් ඇතුළු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙම සිද්ධියේ චෝදනා ලැබූ 41 දෙනා අතර සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා, සචින්තන ප්‍රනාන්දු සහ යසාරා කෝදාගොඩ යන නිතීඥවරු පෙනී සිටියා.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි, චමින්ද අතුකෝරළ, ලාල් කුමාරපේලි, ශිරාණි දිසානායක සහ සුරංග ගුණතිලක, ප්‍රදිප් පෙරේරා, තිවංක තින්තක, නාමල් බමුණුආරච්චි යන නීතිඥවරුන් ඇතුළු කණ්ඩායමක් කරුණු ඉදිරිපත් කළා.
Latest News
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026