General26 February 2026

සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින් ලබා ගත හැකි සුපර් ඇප් ව්‍යාපෘතියක් මේ වසරේදී

2026 වසරේදී සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හඳුනුම්පත සහ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින් ලබාගත හැකි සුපර් ඇප් නැමැති ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමේ ඊ කෝට් ව්‍යාපෘතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර අවසන් වී ඇති බවයි.

කෘෂි ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ෆාමර්.නෙට්.ඩොට්.එල්.කේ වැනි මාර්ග ගත පද්ධතීන් හරහා ගොවි ජනතාව නවීන තාක්ෂණයට යොමු කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes