General14 March 2026

අමෙරිකාවෙන් මැදපෙරදිගට 'ක්ෂණික ප්‍රතිචාර' මැරීන් බලකායක්

පෙන්ටගනය විසින් මැදපෙරදිග කලාපය වෙත මැරීන් ගවේෂණ ඒකකයක් (Marine Expeditionary Unit - MEU) යෙදවීමට කටයුතු කරමින් සිටින බව නිලධාරීන් තිදෙනෙකු CNN පුවත් සේවයට පවසා තිබෙනවා.

මෙය සාමාන්‍යයෙන් මැරීන් භටයින් සහ නාවිකයින් 2,500කගෙන් පමණ සමන්විත ක්ෂණික ප්‍රතිචාර බලකායක්.

මෙම ඒකකය කුමන කාර්යයක් සඳහා යොදවන්නේද නැතහොත් ඔවුන් හරියටම ස්ථාපනය කරන්නේ කොහේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එහෙත් සාම්ප්‍රදායිකව මෙම බලකායන් මහා පරිමාණ ඉවත් කිරීමේ මෙහෙයුම් (evacuations) සහ වැටලීම් හා ප්‍රහාර ඇතුළත්, නැවක සිට ගොඩබිමට සිදුකරන මෙහෙයුම් (amphibious operations) සඳහා භාවිතා කරනු ලැබෙනවා.

ඔවුන් සතුව ගොඩබිම් සහ ගුවන් සටන් අංශ පවතින අතර, ඇතැම් ඒකක විශේෂ මෙහෙයුම් සඳහාද පුහුණුව ලබා තිබෙනවා.

එක් මූලාශ්‍රයකට අනුව, මෙම බලකායේ පැමිණීම මගින් හදිසි අවස්ථාවකදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අණදෙන නිලධාරීන්ට අමතර විකල්පයන් හිමිවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම රට තුළට ගොඩබිම් හමුදා යෙදවීමේ වර්තමාන සැලසුමක් නොමැති බව ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් පවසා ඇතත්, එවැනි හැකියාවක් සහමුලින්ම බැහැර කිරීමටද ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම MEU බලකාය යෙදවීම පිළිබඳව මුලින්ම වාර්තා කරන ලද්දේ Wall Street Joual පුවත්පත විසිනුයි.
Related recommendation
Hiru TV News | Programmes