General16 April 2026

කෝටි 2කට අධික සන්නිවේදන උපකරණ සමග චීන ජාතිකයන් 9ක් අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදු කිරීමේ අරමුණින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයන් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අද (16) අලු‍යම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ, රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ඔවුන් සතුව තිබී සොයාගත් බවයි.

මෙම චීන ජාතිකයන් පිරිස අද අලු‍යම 12.25ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණා.

එහිදී ඔවුන් සිය සිරුරෙහි සහ ඇඳුම් තුළ සගවාගෙන රැගෙන ආ ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් ඇතුළු තවත් උපකරණ සොයාගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes