General16 April 2026

මහඔය රක්ෂිතයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

මහඔය පොලිස් වසමට අයත් බෝගමුයාය ප්‍රදේශයේ පොල්ගස්තලාව රක්ෂිතයේදී වන අලියෙකු පහරදීමෙන් ඊයේ (15) රාත්‍රී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මහඔය පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ උණුවතුර බුබුල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු රක්ෂිත ප්‍රදේශයේ මුදාහැර සිටි තම ගවයන් පරීක්ෂා කර බලා නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී මෙම අනපේක්ෂිත වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර, මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Related recommendation
Hiru TV News | Programmes