General18 April 2026

ගමට ගිය අයට කොළඹ එන්න තවත් බස් හා දුම්රිය

සිංහල දෙමළ අලු‍ත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා සියලු‍ පළාත් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ බස් රථ සේවා තවදුරටත් යොදවා තිබෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ෂෙරීන් අතුකෝරල පැවසුවේ නියමිත ගාස්තු ඉක්මවා අයකරන බස් රථ සොයා වැටලීම් ද සිදුකරන බවයි.

මේ අතර අද සහ හෙට දින දෙකේදී විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී අසංක සමරසිංහ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කෙරෙන දුම්රියට අමතරව මෙම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක බවයි.
Related recommendation
Hiru TV News | Programmes