ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ ලබා නොදුන් සුවිශේෂී සහ ඓතිහාසික ත්‍යාගයක් හඳුන්වා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායමට සුප්‍රසිද්ධ රන් කුසලානයට අමතරව, ඇමරිකානු NBA තරගාවලි ශෛලියේ අතිසුඛෝපභෝගී 'ශූරතා මුදුවක්' (Championship Ring) බැගින් හිමි වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මෙවැනි සම්මානයක් පිදීමට තීරණය කළ පළමු අවස්ථාව මෙය වන අතර, ජූලි 19 වැනිදා නිව්යෝර්ක් නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී එකිනෙකාට එරෙහිව තරග වදින ආර්ජන්ටිනාව හෝ ස්පාඤ්ඤය මෙම ඓතිහාසික ගෞරවය ලබන ලොව පළමු ජාතික කණ්ඩායම බවට පත්වනු ඇති.
ඇමරිකානු වෘත්තීය ක්‍රීඩා ක්ෂේත්රයේ, විශේෂයෙන්ම NBA (බාස්කට්බෝල්), NFL (ඇමරිකානු පාපන්දු) සහ මේජර් ලීග් බේස්බෝල් (MLB) තරගාවලිවල ජයග්‍රහණයේ ප්‍රධානතම සංකේතයක් ලෙස මෙම ශූරතා මුදු පිරිනැමීම දිගු කලක සිට සිදු කෙරෙනවා.
මෙවර ලෝක කුසලාන සත්කාරකත්වය ඇමරිකාව ඇතුළු කලාපයට හිමිවීම නිමිත්තෙන් එම ක්‍රීඩා සංස්කෘතියට උපහාරයක් ලෙස මෙම නව සම්ප්රදාය පාපන්දු පිටියට ද එක් කෙරෙනු ඇති.
ඒ අනුව, තරගාවලිය පැවැත්වෙන 2026 වසර සිහිගැන්වීම සඳහා සමස්ත ලෝකයටම මෙවැනි මුදු 2,026ක් පමණක් නිපදවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
එයින් මුදු 30ක් ලෝක ශූරතාව දිනා ගන්නා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙනුවෙන් වෙන් කෙරෙන අතර, ඉතිරි මුදු 1,996 ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්ට නිල සමරු එකතුවක් (Collectibles) ලෙස මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මූලාශ්‍රය - beinsports

Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026