General26 April 2026

බස්නාහිර සහ සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදයක්

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (26) පස්වරු කාලයේදී ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

අද මධ්‍යහ්න 12.00 ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වනු ඇති.

ඒ අනුව, අද පස්වරු 2.00 න් පමණ පසුව බස්නාහිර සහ සබරගමුව පළාත් සඳහාත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Related recommendation
Hiru TV News | Programmes