International28 April 2026

ඉරානයට සහාය දෙන බවට රුසියානු ජනපති පුටින් කියයි

ඉරානය මුහුණදී සිටින ”‍දුෂ්කර කාල පරිච්ඡේදය”‍ සාර්ථකව ජය ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ඉරානයට සහාය ලබාදෙන බවත් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි හමුවූ අවස්ථාවේදීයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් අතර හමුව සාන්ත පීටර්ස්බර්ග් හීදී පැවති අතර ඉරාන විදේශ අමාත්‍යවරයා සහ රුසියානු ජනපති අතර ඒහිදී නිල සාකච්ඡා පැවැත්වුණා.

මේ අතර ඉරාන විදේශ අමාත්‍යවරයා රුසියාව වෙත පැමිණි ඉරාන ගුවන් යානය මිනාබ් 168 ලෙස නම් කර තිබුණා.
Related Recommends
Hiru TV News | Programmes