General28 April 2026

වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක්

වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ අලෙවි කිරීමට තිබූ AKUGABALIN – 150 වර්ගයේ මත්පෙති 765ක් සමඟ කාන්තාවක් මාතර, දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියෝජිතයන් එක්ව ඊයේ (27) මෙම වැටලීම සිදු කළා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය ජාතික ඖෂධ නියාමන අධිකාරි කාර්යාලය වෙත භාර දී තිබෙන අතර විමර්ශන ක්‍රියාත්මකයි.
Related Recommends
Hiru TV News | Programmes