General29 April 2026

ප්‍රීමා තිරිඟු පිටි මිල රුපියල් 4කින් ඉහළට - බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් නෑ

ප්‍රීමා (Prima) සමාගම විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 4කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර නොමැති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

තිරිඟු පිටි මිල ඉහළ ගියද, පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයාට සහනයක් සැලසීම සඳහා පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල දැනට පවතින මට්ටමේම පවත්වා ගැනීමට කටයුතු කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes