General29 April 2026

සිසුවෙක්ට පහරදුන්නැයි විදුහල්පතිවරයෙකුට ඇප

වයස අවුරුදු 12 ක්වූ මන්ද මානසික සිසුවෙකුගේ කන් බෙරයට හානි වන ලෙස පහර දුන් බව කියන තලහිටිය විදුහලේ විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
 
මෙම සිද්ධියට අදාල පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්ලපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ තෙබුවන පොලිසිය මගින්.

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ හොරණ, දොඹගොඩ පදිංචිකරුවෙකුවූ 55 හැවිරිදි අයෙක්.

පාසැල් වාරය පටන් ගත් ඉකුත් 20 වැනිදා සිදුවූ බව කියන මෙම සිද්ධියෙන් පසු මෙම සිසුවා 21 වැනිදා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හේමන්ත හරිස්චන්ද්‍ර සිල්වා විසින් දරුවා පරික්ෂා කරන ලදුව දකුණු කන් බෙරයට හානිවී ඇති බවට වාර්තා කර තිබූ බවට පොලිසිය පවසනවා.

ඒ අනුව, නීතිඥ අචල වික්‍රමාරච්චි මහතා මගින් පොලිසියට ඉදිරිපත්වූ සැකකාර විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිසුවා පංති භාර ගුරුතුමිය දෙසට කේක් එකක් විසි කරනවා දුටු තමා ඔහුට අවවාද කළා මිස පහරදීමක් සිදු නොකළ බවයි.

මෙහිදී වරද පහදාදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අතර ඊයේ (28) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැරු‍ණා.

තෙබුවන පොලිසියේ විවිධ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගමගේ ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පැවැත්වුවා.
Related recommendation
Hiru TV News | Programmes